උපාධිධාරීන්ට ඉදිරියේදී ගුරුපත්වීම්

උපාධිධාරීන්ට ඉදිරියේදී ගුරුපත්වීම්

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නියෝග අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් විසි දෙදහසකට ඉදිරියේ දී ගුරුපත්වීම් ලබා දීමට හැකි වන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

එමෙන් ම පළාත් සභා මගින් ද දහතුන්දහස ඉක්මවූ ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවාගැනීම උසාවි නියෝග මත ක්‍රියාත්මක කරන බවත් ලබන පෙබරවාරි මස අග වන විට මෙම සියලු‍ ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු පුරවා ගුරු හිඟය පූර්ණ වශයෙන් ම මගහරවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.