සනත්ගෙන් හිස්වූ රාජ්‍ය ඇමති ධූරය ශෂීන්ද්‍ර රාජපක්ෂට

ශෂීන්ද්‍ර රාජපක්ෂ වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පසු හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහායි ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙලෙස පත්වීම් ලබා ඇත්තේ.

