සෞඛ්‍ය වෘත්තීය සමිති අද සංකේත වැඩ වර්ජනයක

රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.
මේ අතර රුපියල් 35,000කින් ඉහළ දැමුණු වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් පෙරේදා දහවල්ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැතිවීම හේතුවෙන් අද දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

