චමරිට සම්මානයක්

චමරිට සම්මානයක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ 2023 වසර සඳහා වූ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල පෙරේදා (31) පැවැත්වුණා.

එහිදි 2023 වසරේ කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු වෙත හිමිව තිබෙනවා.

2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානය හිමිකරගත්තේ තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් විසින්.

මෙවර සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් ඈෂ්ලි ගාඩ්නර් පිදුම් ලැබුවා.