රනිල් ජනාධිපති වීම රටේ වාසනාවක්

රනිල් ජනාධිපති වීම රටේ වාසනාවක්

රනිල් වික්‍රමසිංහ ජනපති වීම රටේ වාසනාව විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ ජනපති රනිල් කිසිම දිනක දේශපාලඥයෙක් නොකරන විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.

එමෙන්ම මේ වෙනස්කම් මීට අවුරුදු 20 කට කලින් කළා නම් අද වගේ තත්ත්වයකට අපි පත් නොවන බවද ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිපව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අමතමින්.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මෙම වැඩසහටන (31) සහ ඊයේ (01) යන දෙදින පුරා පවත්වා තිබෙනවා.

එහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන වැඩසටහන්ද පැවැත්වීමට නියමිතයි.

COMMENTS