හිටපු ජනාධිපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසනවා.

මෙම පනත් දෙක ඉතා භයානක බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය ප්‍රකාශ කළා.

මේ තුළින් මෙරට පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු විය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ මෙම වසර මැතිවරණ වර්ෂයක් බැවින් මෙම පනත් සම්මත කර ගැනීම ගැටලු සහගත බවයි.