ජීවයට හිතකර අලුත් ග්රහලෝකයක් සොයා ගනී
අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්රහලෝකයක් වන ‘සුපර් අර්ත්’ පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබෙනවා.
මෙම නව ග්රහලෝකය “TOI-715 b” ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්රමණය වන බවත් ඒ සඳහා දින 19ක් වැනි කාලයක් ගත වන බවත් වාර්තාවනවා.
විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක පමණ ප්රමාණයක් වන මෙම ග්රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.