පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ලබන වසරේ

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට පෙර අදාළ මැතිවරණ නිතී සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත්තේ.
මෙම වසර සඳහා මැතිවරණ පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්රතිපාදනය තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවට අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගත් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

