පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා මෙහෙයුමක්

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (7) සිට ආරම්භ කළ බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර පවසනවා.
ඒ සඳහා රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234ක් අනියුක්ත කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
එසේම, කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

