අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් කිලෝ 20ක්

ඉදිරි උත්සව සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලෙස එක් පවුලකට සහල් කිලෝ 20 ක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්.
රට ගොඩනැගීමට එක්වන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ පාර්ශවයන්ගෙන් යළි ඉල්ලා සිටියේ.
ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණා.
මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මෙම අවස්ථාවට සහභාගි වීමට ඉඩ සලසන්නැයි වේත්‍රධාරීවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දන්වා යවා තිබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබු බවයි වාර්තා වුණේ.

