වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයා සොයා විමර්ශන

වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයක් සොයා පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.
මෙසේ විමර්ශන ආරම්භකර ඇත්තේ අරණායක දිසාරෝහලේ රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයක් සම්බන්ධවයි.
ඔහු මෙම වෛද්‍යවරිය සේවයේ නිරතව සිටියදී ඇගේ රහස් ප්‍රදේශය බලහත්කාරයෙන් අතගා තිබෙනවා.
ඒ අනුව එම වෛද්‍යවරිය කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ පිළිබඳව දන්වා තිබෙනවා.
ලද පැමිණිල්ල මත අරණායක පොලීසිය මෙම විමර්ශන ආරම්භකර තිබෙනවා.

