උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ටත් දීමනාවක්

නිමාවූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකළ පරීක්ෂකවරුන් වෙත රුපියල් 1450 සිට වැඩිකරන ලද රුපියල් 2000ක් දක්වා දීමනාව ද හිමිවනු ඇති.
එමෙන්ම, මෙවර ඇගයීම් කාර්ය සඳහා සහභාගි වන සියලුම කාර්ය මණ්ඩල පරීක්ෂකවරුන් සදහා සමස්ත කාර්ය වෙනුවෙන් පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සංශෝධනය කරන ලද ගෙවීම් සිදුකරන බව සඳහන් වෙනවා.

