හොර බරට පාන් විකිණූ බේකරි 232කට වැඩ වරදී

නියමිත බර ප්රමාණය මෙන්ම මිල ප්රදර්ශනය නොකළ බේකරි 232කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ නියමිත බර ප්රමාණය සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ පසුගිය 5 වැනිදා සිට ඊයේ දක්වා සිදුකළ වැටලීම්වලදීයි.
දිවයින පුරා අඛන්ඩව මෙම වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

