සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් අද සිට අඛණ්ඩ වර්ජනයේ

මුදල් අමාත්‍යාංශය සමග ඊයේ පෙරවරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් අද උදෑසන 6.30 සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 ක් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තිකයින් ඊට එක්වන බවයි එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

