බංගලියන් එකට එක කරයි

බංගලියන් එකට එක කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර අද (06) පැවැති දෙවන විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

එහිදී Litton Das පන්දු 24කදී ලකුණු 36ක් රැස් කළ අතර Soumya Sarkar පන්දු 22කදී ලකුණු 26ක් ලබා ගත්තා.

එමෙන්ම Najmul Hossain Shanto නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වූ අතර Towhid Hridoy ද නොදැවී ලකුණු 32ක් රැස් කරමින් බංග්ලාදේශ ඉණිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Matheesha Pathirana කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවිඳු මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 37ක් ‍රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

චරිත් අසලංක ලකුණු 28ක් ලබා තිබියදී දැවී ගිය අතර සධීර සමරවික්‍රම ලකුණු 7කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Taskin Ahmed, Mahedi Hasan, Mustafizur Rahman, Soumya Sarkar කඩුල්ල බැගින් දවා ගත්තා.

COMMENTS