විශාල නැවක් මුහුදේ ගිල්වයි

විශාල නැවක් මුහුදේ ගිල්වයි

යුක්‍රේනයේ මගුරා V5 නාවික ඩ්‍රෝන මගින් එළ්ල කළ ප්‍රහාරයකින් රුසියාවේ සර්ගෙයි කොටොෆ් 22160 නමැති නෞකාව කළු මුහුදේදී ගිල්වා දැමූ බව යුක්‍රේන ආරක්ෂක හමුදාව පවසනවා.

මෙම ප්‍රහාරයෙන් රුසියානු නාවික හමුදා භටයන් 7 දෙනෙකු මියගොස් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙසේ යුක්‍රේනය ගිල්වා දැමූ සර්ගෙයි කොටොෆ් නෞකාව රුසියාව කළු මුහුදේ ක්‍රියාන්විතවලට යෙදවූ අලුත් ම නෞකාවක් බව ද සඳහන් වේ.

මෙම නෞකාවේ වටිනාකම ඩොලර් මිලියන 65ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://shorturl.at/huU02

COMMENTS