ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.
“ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන තේමාව පාදක කරගත් 2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව අද (මාර්තු 08) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතයි.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන අද උදෑසන 10ට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සංස්කෘතික අංග වලින්ද හැඩගැන්වෙනවා.
මෙදිනට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් ඇරඹීමට නියමිතයි.

