ගාලු පාරේ ගිලා බැසීමක් – මාර්ගයේ කොටසක් වැසේ

ගාලු පාරේ ගිලා බැසීමක් – මාර්ගයේ කොටසක් වැසේ

ගාලු පාර, වැල්ලවත්ත දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.

ඒ අනුව බස් රථ වෙරළ පාරෙන් සහ කොළඹ සිට ගාල්ල බලා යන මංතීරුව භාවිතා කරමින් කොළඹට ගමන් කරන බව ද වාර්තා වේ.