මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයකට වෙඩි තැබිමක්

මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයකට වෙඩි තැබිමක්

මහියංගණ, දඹාන, කුකුලාපොල ප්‍රදේශයේ විහාරස්ථානයකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරය දෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විහාරාධිපති හිමියන් ඒ සම්බන්ධයෙන් මහියංගණය පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා. වෙඩි තැබුවේ කවුරුන්ද සහ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.