මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසුවුණා.

