පෙර පාසල් ගුරුවරුන්ට සහනයක්

මෙරට පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණයක් ලබා දීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සඳහන් කර තිබෙනවා.
සමෘද්ධි බැංකුව හරහා මෙම ණය මුදල් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙහි පළමු පියවර නියමු වැඩසටහනක් යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
නව සන්ධානයේ වෘත්තීය සමිති සභාපති සහ පෙර පාසල් සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් සහ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (13) පස්වරුවේ සමාජ සේවා අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

