ට්රම්ප් සහ බයිඩ්න් යළි ජනපති සටනට
ජෝ බයිඩ්න් හා ඩොනල්ඩ් ට්රම්ප් නැවත වරක් ජනාධිපති ධුරය සඳහා සටන් වැදීමට සුදානම් වනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තම පක්ෂවලින් ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමට පසුගිය දා සමත්වුණා.
ඒ අනුව නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඔවුන් දෙදෙනා නැවත වරක් කරට කර තරගයකට එළඹෙනු ඇති බවයි අනාවැකි පළ වන්නේ.
ඩිමොක්රටික් හා රිපබ්ලිකන් පක්ෂ තම ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්රකාශයට පත් කිරීම එළඹෙන පක්ෂ සම්මේලනයන් හිදි සිදුකිරීමට නියමිතයි. 81ක් හැවිරිදි ජෝ බයිඩ්න්ගේ ජනප්රියත්වය මේ වන විට පහළ මට්ටමකට පැමිණ ඇති අතර 77 හැවිරිදි ඩොනල්ඩ් ට්රම්ප් මෙවර මැතරවණයෙන් ජයග්රහණය කරනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ. අපරාධවලට එරෙහිව සටන් කිරීම / දේශීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීම / විදේශීය ආනයනයන්ට බදු පැනවීම හා යුක්රේන යුද්ධය අවසන් කිරීම සිදුකරන බවටයි ඩොනල්ඩ් ට්රම්ප් ප්රතිඥා දෙන්නේ.