මෙරට සිටි එකම පිරිමි සීබ්රා මරුට

මෙරට සිටි එකම පිරිමි සීබ්රා සත්ත්වයා මිය යාම සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි මෙම සීබ්රා චීනයේ සිට මෙරටට රැගෙනවිත් ඇත්තේ මීට වසර 6කට පෙරයි.
ඒ දෙරට අතර සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේයි. කෙසේ වුව ද මෙම සත්ත්වයා මීට ටික කලකට පෙර රිදීගම සෆාරි උද්‍යානයට රැගෙන ගොස් තිබෙනවා.
එහෙත් දෙහිවල සත්ත්වෝද්‍යානයේ ගැහැනු සීබ්රා සතුන් දෙදෙනෙකු ජිවත්වන බැවින් පැටවුන් බෝ කිරිමේ අරමුණින් දින තුනකට පෙර රිදීගම සිට දෙහිවල සත්ත්වෝද්‍යානයට සීබ්රා රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
එසේ රැගෙන ඒමේදී ඖෂධ අධි මාත්‍රාවක් සත්ත්වයාට ලබාදී ඇති බවට චෝදනා එල්ල වනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් දෙහිවල සත්ත්වෝද්‍යාන සේවකයන් උද්ඝෝෂණයක ද නිරත වුණා.

