දුම්වැටිවලින් සිදුවන හානිය අවම කිරීමට රජය මැදිහත් විය යුතුයි – ADIC

දුම්වැටිවලින් සිදුවන හානිය අවම කිරීමට රජය මැදිහත් විය යුතුයි – ADIC

බහුජාතික දුම්කොළ සමාගම්වල බලපෑම්වලට යටත් නොවී දුම්වැටිවලින් සිදුවන සෞඛ්‍ය සහ පාරිසරික හානි අවම කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙරට අඩු වෙමින් පවතින දුම්වැටි භාවිතය තව දුරටත් අඩු කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් පිළිබඳ වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කළ ද තවමත් එම යෝජනා ක්‍රියාත්මක නොකර ඇති බව එම නිවේදනයේ සඳහන්.

එම යෝජනා ලෙස නිවේදනයේ සඳහන් වන්නේ ඒකල වශයෙන් (එක දෙක ලෙසින්) දුම්වැටි අලෙවිය තහනම් කිරීම හා දුම්වැටිවල ඇති ෆිල්ටර තහනම් කිරීම යන්නයි.

කෙසේ නමුත් දුම්වැටි භාව්තය මඟින් සිදුවන ආර්ථික,සෞඛ්‍ය සහ සමාජීය හානිය අවම කිරීමට රජය මැදිහත් විය යුතු බවයි මෙම මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එම නිවේදනය පහතින්,