පුවක් අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට යයි

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5ක්.
මේ වනවිට අතුරු බෝගයක් ලෙස සිදු කෙරෙන මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී පවතිනවා.
දේශීය පුවක් විශේෂවලට අමතරව ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී තිබෙනවා.
මාතලේ සිංහ, මාතලේ චතුර හා මාතලේ රාජා එම පුවක් විශේෂයි.

