විදුලි බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක්

විදුලි බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කෙටි පණිවිඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි වෙන පාරිභෝගිකයින්හට සුපුරුදු පරිදි මෙම බිල්පත මඟින් විදුලි බිල්පත් ගෙවීමට හැකියාව ලැබෙන බවද සඳහන්.

COMMENTS