පැතුම් නිස්සංක එක්දින ක්‍රිකට් පිතිකරණ ලැයිස්තුවේ මුල් 10 අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරනු ලබන එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් 10දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 711ක් හිමිකර ගනිමින්.
පැතුම් නිස්සංක මීට පෙර එම ලයිස්තුවේ 11වැනි ස්ථානයේ පසු වූ අතර, මේ වනවිට ඔහු එම ලැයිස්තුවේ 08වැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම, චරිත් අසලංක එම ලයිස්තුවේ 14වැනි ස්ථානයටත්, ජනිත් ලියනගේ 87වැනි ස්ථානයටත් පැමිණ තිබෙනවා.

