දකුණු කොරියානු නැවක් ජපාන මුහුදු තීරයේදී අනතුරක
දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න මුහුදු තීරයේදී පෙරලී තිබෙනවා.
එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිට ඇති අතර ඉන් 8 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, අතුරුදන් අනෙක් 3 දෙනා මෙතෙක් සොයා ගැනීමට හැකිව නැහැ.
කොරියානු ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් 8 දෙනෙකු සහ චීන ජාතිකයෙකු අනතුරට ලක්වන අවස්ථාවේ නෞකාවේ සිට ඇති බවයි සඳහන් වන්නේ.