ජන අරගල විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේදී සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.
අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බවයි වාර්තා වෙන්නේ.
ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද එහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබේ.
භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණි.

