තැඹිලිත් ගණන් උස්සයි

තැඹිලිත් ගණන් උස්සයි

අධික උණුසුමත් සමඟ වෙළදපොලේ තැඹිලි මිල ඉහළ ගොස් තිබෙනවා.

මෙම මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලු‍ම වැඩිවීමයි.

ඒ අනුව, රුපියල් 100ත් 150ත් අතර පැවති තැඹිලි ගෙඩියක් මේ වනවිට රුපියල් 180ත් 250ත් අතර මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ.

එසේම මේ දිනවල කුරුම්බා ඉල්ලු‍ම ද ඉහළ ගොස් ඇති බව වෙළෙන්දන් පවසනවා.

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග පාරිභෝගිකයින් කුරුම්බා පානය කිරීමට ද පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS