දෙවෙනි ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්

දෙවෙනි ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබා ගත්තා.

පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 280ක් ලබාගත් අතර, බංග්ලාදේශයට රැස් කර ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 188ක් පමණයි.

අනතුරුව ලකුණු 92ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල දෙවන දිනය නිමා වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 119ක් රැස්කර ගනිමින් ලකුණු 211ක් ඉදිරියෙන් පසුවෙනවා.

COMMENTS