මෛත්‍රීට ජීවිතය ගැන සැකයක් – රහසින් ප්‍රකාශයක් කරන්න ඉල්ලයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ හෙළිකිරීම සඳහා තමා රහසිගත ප්‍රකාශයක් සිදුකිරීමට අවස්ථාව ඉල්ලා සිටින්නේ එම ප්‍රකාශය තුළින් තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි බවට සැකයක් පවතින බැවින් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මේ අතර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ඊයේ උපදෙස් ලබාදුන්නා.
2019 වසරේ අප්‍රේල් 21ක් වන දා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් තමන් දන්වා බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට විවිධ පාර්ශ්වයන්ගේ විරෝධය එල්ලවීමත් සමග මේ සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනයක් ඇතිවූ අතර කණ්ඩායම් කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ද ඉදිරිපත් කළා.
එවන් තත්ත්වයක් යටතේ යළිත් වරක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළකළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් ඊයේ දිනයේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් උන්වහන්සේව දැනුවත් කිරීමට ද කටයුතු කළා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂනයක් ආරම්භ කරන ලෙස නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ දිනයේ දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි කීපයක් ලැබී ඇති බැවින් ලබන සතියේ දිනකදී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව දේශාපලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.

