හිටපු ජනපතිගෙන් හෙට CIDයට ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ අනුව පොලිස්පතිවරයා සඳහන් කළේ ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට ලබාගන්නා බවය.
මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

