කෙහෙළියට අධිකරණයෙන් නියෝගයක්

තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සමේ නියෝග ලබන මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (25) දැනුම් දුන්නා.
දීර්ඝ කරුණු සළකා බැලීමකින් අනතුරුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසිනුයි මේ බව දැනුම් දුන්නේ. කෙසේ වෙතත් මෙම පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

