භාණ්ඩ 64ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

භාණ්ඩ 64ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ එම පනත යටතේ බදු ක්‍රියාත්මක වීමේදී පැන නැගී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 210ක් යටතේ වූ භාණ්ඩ වර්ග 64 ක් ආනයනය කිරීමේදී තනි සංයුක්ත බද්ද අය කිරීම සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හදුන්වා දෙනු ලැබුවා.