දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදේණිය සරසවියට පැවරේ

දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදේණිය සරසවියට පැවරේ

චීන රජය විසින් රුපියල් කෝටි 400 ක් වැය කොට ඉදිකළ දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පවරා දීම ඊයේ (26) සිදු කෙරුණා.

මෙමගින් ජලය සම්බන්ධ සියලු‍ම පර්යේෂණ කටයුතු මෙන්ම පාංශු, වායු ගෝලය, පාරිසරික දූෂණ, සෞඛ්‍යමය ගැටළු ඇතුළු පුළුල් පරාසයක් තුළ‍ පර්යේෂණ සිදු කිරීමට හැකි වනවා.

මෙම ආයතනය මගින් විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොව උසස් පෙළ පාසල් සිසුන්ට, උසස් අධ්‍යාපනය හදාරණ සිසුන්ට, විදෙස් සිසුන්ට අවශ්‍ය සියලු‍ම අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා අවස්ථාව සැලසෙන බව සදහන්.

COMMENTS