තායිලන්තයේදී හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්රී ලංකා වාර්තාවක්

කිලෝග්රෑම් 49 බර පන්තිය නියෝජනය කරමින් තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා.
ඒ ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 76ක බරක් ඔසවමින්.
ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසයි ක්රියාත්මක වන්නේ.

