උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
අත්හදා බැලු හයිපර් සොනික් මිසයිලයට මධ්‍ය දුර සිට දිගු දුර දක්වා පරාසයක ගමන් කිරීමේ හැකියාව පවතින බව උතුරු කොරියා මාධ්‍ය සදහන් කරනවා.
උතුරු කොරියාව අත්හදා බැලු මිසයිලය මුහුදට පතිත වී ඇති අතර දකුණු කොරියාව / ජපානය හා ඇමෙරිකාව එම මිසයිල අත්හදා බැලීම හෙළා දැක තිබෙනවා.
මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය සදහා උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ග් සහභාගී වු බවයි උතුරු කොරියා මාධ්‍ය සදහන් කරන්නේ.
මෙම මිසයිල අත්හදා බැලීම සදහා උතුරු කොරියාව තම ආරක්ෂාව සදහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද ඉහළ මට්ටමක පවතින ආකාරය පෙන්නුම් කරන බව ද එරට මාධ්‍ය තවදුරටත් පවසනවා.

