T20 ලෝක කුසලානය අපි දිනාගෙන වසර 10යි

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්රහණය කර අදට වසර 10ක් සම්පූර්ණ වනවා.
2014 බංග්ලාදේශයේ ඩකා අගනුවර ශරේ බංග්ලා ක්රීඩාංගණයේදී ඉන්දියාව පරදා ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් එහිදී ජයගනු ලැබුවා.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 5ක් තුළදී සිය ජයග්රාහී ඉලක්කය සපුරාගනිමින් විස්සයි විස්ස ලෝක කුසලානයට හිමිකම් කියනු ලැබුවා.
එහිදී තරගයේ වීරයා සම්මානය හිමිවුණේ කුමාර් සංගක්කාරටයි.

