අලුත් අවුරුද්දට සාප්පු සවාරි යන ඔබට පොලීසියෙන් උපදෙස් මාලාවක්

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ, තවත් සතියක පමණ කාලයක්.
කෙතරම් ආර්ථික අභියෝග මැද කල් ගත කළත් ජනතාව හැකි පමණින් අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සූදානම්වන අයුරු මේ දිනවල දැක ගත හැකියි.
අලුත් අවුරුදු උදාවට කළින් එළැඹෙන අවසන් සති අන්තයේ රෙදිපිළි ඇතුළු භාණ්ඩ අලෙවිසැල් වඩාත් ජනාකීර්ණ වී ඇති අයුරු අපට දැක ගත හැකි වුණා.
අලුත් අවුරුද්ද පිළිබඳව ඒ ජනතාව තුළ මෙන්ම වෙළෙඳුන්ටද ඇත්තේ බලාපොරොත්තු සහගත හැඟීමක්.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, කොළඹ ඊයේ (06) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදෙන ජනතාව අවදානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ, සොරුන් සහ කොල්ලකරුවන්ගෙන් ප්‍රවේසම් වී සාප්පු සවාරි කටයුතු වල නිරත විය යුතු බවයි.
එසේම ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද අවදානයෙන් පසුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

