නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන ගැන විශේෂ දැනුම්දීමක්

නොමිලේ සහල් ලබා දීමේ රජයේ වැඩසටහනට අස්වැසුම, සමෘද්ධි ඇතුලු ආධාර ලබන අයට අමතරව තවත් උපකාර අවශ්‍ය පිරිස් සිටීනම් එම පිරිස්ද ඊට ඇතුලත් කර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඊට අදාළ උපදෙස් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළව ක්‍රියාත්මකයි. ඒ යටතේ සහල් කිලෝ 20 බැගින් මෙවරත් පවුල් ලක්ෂ 28කට සහල් ලබා දීමට නියමිතව තිබෙනවා.

