රට ගොඩනැගීමට නම් දේශපාලඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතුයි

රට ගොඩනැගීමට නම් දේශපාලඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතුයි

රට ගොඩනැගීමට නම් දේශපාලනඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

දහම් පාසල් දරුවන් සදහා අධ්‍යාපනික උපකරණ ලබාදීම වෙනුවෙන් නිට්ටඹුව හොරගොල්ල අනුර බණ්ඩාරනායක පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දී ඒ මහත්මිය මෙම අදහස් පළකළා.

සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ගුණානුස්මරණය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

මේ අතර දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 16වන ගුණානුස්මරණ උත්සවය වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසල පිහිටි එතුමාගේ ස්මාරකය අභියසදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සැමරුම් උත්සවයට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.