පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක්

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක්

මෙම වසරේ මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ උද්‍යාන වගාව සඳහා කොහුබත් මෙට්‍රික් ටොන් 38,065ක් අපනයනය කරමින් රුපියල් මිලියන 5,725ක් උපයාගෙන ඇති බවයි.

එය පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී සියයට 29 ක වර්ධනයක්. පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය මගින් රුපියල් මිලියන 4,430 ක් සහ පොල් කිරි අපනයනය මගින් රුපියල් මිලියන 3,122 ක් උපයාගෙන තිබෙනවා.

මීට අමතරව පිටි කළ පොල්කිරි මෙට්‍රික් ටොන් 1,153 ක් අපනයනය කරමින් රුපියල් මිලියන 1,587 ක උපයාගෙන ඇති අතර, එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 93ක වර්ධනයක් බවයි පොල් සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

එමෙන්ම පොල් ක්‍රීම්, පොල්තෙල් ද අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 1,929 ක් ද උපයාගෙන තිබෙනවා.