ජනාධිපති අපේක්ෂකයෙක් තවම හම්බවුණේ නෑ – බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද (10) බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කෙරුණා.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පැවසුවේ අපේක්ෂකයා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රමාදයක් සිදුවූ බව තමා පිළිගන්නා බවයි.
සිය පක්ෂය සෙසු පක්ෂ වලට වඩා කාන්තාවන්ට සහ තරුණයින්ට ප්‍රමුඛතාව දී ඇති බවත් මේ වනවිට සියළුදේ අත්හැර ඇති බවත් තවත් අත්හැරීමට කිසිවක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ පැවසුවා.
එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා තවමත් සොයාගැනීමට නොහැකිව සිටින බවද ඔහු සඳහන් කළා.

