මෛත්‍රී ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.
අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී ඒ බව දැනුම් දී ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

