අද විවෘත වන නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල

අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ගොඩනැගිල්ල අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතය.
එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වීමට නියමිතය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති මෙම ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා මුලිකත්වය ලබා දෙමින් ඉදි කළ ගොඩනැගිල්ල විවෘත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගරු ජනාධිපතිතුමන්ට ආරාධනා කර ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කර තිබෙන රුපියල් මිලියන 550කි. තවත් රුපියල් මිලියන 200ක මුදලක් ඊට අවශ්‍ය ගෘහභාණ්ඩ සඳහා වැය කෙරේ.
වැවිලි කර්මාන්තය හා සම්බන්ධව අධ්‍යාපන අවස්ථා පුළුල් කරන විශ්ව විද්‍යාල අධ්‍යයන ආයතනයක් දක්වා මෙම ආයතනය පුළුල් කිරීමට නියමිත අතර මේ සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමඟ සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ දැනට ඇති සියලු පහසුකම් සමග මෙම ආයතනය විශ්ව විද්‍යාල අධ්‍යයන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම ආයතනයේ පාලන අධිකාරියට උපදෙස් දුන්නේය.
පසුගිය සිකුරාදා (11) අමාත්‍යවරයා එම පරිශ්‍රය නිරීක්ෂණය කරනු ලැබීය.

