ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේ නිරත නිල සංචාරය අතරතුරදීයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා.

එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බවද සඳහන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

COMMENTS