ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටෙයි

ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටෙයි

මධ්‍යම කදුකරය හරහා හමා ගිය දැඩි සුලගකින් ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ, අද (22) පස්වරු 4.20ට පමණ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදී.

හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් මතටයි මෙසේ ගස කඩා වැටී තිබෙන්නේ.

ගස කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැයක පමණ කාලයක් ඇණහිට තිබුණා.

මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්යට පත් කල අතර, පවතින දැඩි සුළං තත්ත්වයත් සමග රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

COMMENTS