මාස කිහිපයකින් මත්ද්‍රව්‍ය රටින් අතුගා දමනවා

මාස කිහිපයකින් මත්ද්‍රව්‍ය රටින් අතුගා දමනවා

ඉදිරි මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ සුවසාර කැදැල්ල ප්‍රජාපාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩසටහනේ පළමු අදියර නිමාවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සුවසාර කැදැල්ල ප්‍රජාපාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩසටහනේ පළමු අදියර නිමාවට පත් කිරීමේ උත්සවය බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදි පැවැත්වුණා.

එහිදි පුනරුත්ථාපනය ලැබු පන්සියයකට ආසන්න පිරිසක් යළි සමාජගත කෙරුණා.

COMMENTS