ඔලිම්පික් වරම් සොයා යුපුන් අද තරඟ බිමට

ඔලිම්පික් වරම් සොයා යුපුන් අද තරඟ බිමට

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජර්මනියේ අද පැවැත්වෙන ඇන් හැල්ට් මළල ක්‍රීඩා තරගාවලියට එක්වෙනවා.

ඒ, පිරිමි මීටර් 100 ඉසව්ව සඳහායි.

ඉතාලියේ රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි පසුගියදා පැවති මළල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්ත්පර 10.21 කදී නිමකළ යුපුන් අබේකෝන් එහි සිව්වන ස්ථානයට පත්වුණා.